කෙහෙළියගේ නිවසේ මෙහෙකාරිය රිමාන්ඩ්

Wait 5 sec.

2021 හා 2024 කාලය තුළදී හිටපු ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට සේවකයින් 15 දෙනකු නාමිකව පත්කර එම සේවකයින්ට රජයෙන් ගෙවන ලද වැටුප් වංචා කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රඹුක්වැල්ලගේ නිවසේ සේවිකාව ලබන 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (11) නියෝග කළාය.