සිර දඬුවම් ලබා සිටින පුද්ගලයන් හට සමාව ලබා දීමට ජනාධිපතිවරයා සතු වූ විශේෂ බලය සම්බන්ධව මේ දිනවල කතා බහක් ඇතිව තිබේ. ඒ, අනුරාධපුර මහාධිකරණයෙන් වරදකරු කරනු ලැබූ පුද්ගලයෙකු දවස් 10කට ආසන්න කාලයක් පමණක් සිර දඬුවම් ලබා ජනාධිපති පොදු සමාව යටතේ නිදහස්ව ඇති බවට මතභේදාත්මක සිද්ධියක් පිළිබඳව අනාවරණය වීමත් සමග ය.