යළිත් කරළියට එන 'සිරිලිය' ගිණුම යනු කුමක් ද? ශිරන්ති රාජපක්ෂ සහ 'සිරිලිය' අතර සම්බන්ධය

Wait 5 sec.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් සමාජ සේවා ව්‍යාපෘතියක් ලෙස යැයි පවසමින් පවත්වාගෙන ගිය 'සිරිලිය සවිය' නමැති ව්‍යපෘතිය සම්බන්ධ ගිණුම් වාර්තා සම්බන්ධයෙන් නැවතත් සාකච්ඡාවක් ඇතිවෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්, ඇයව එලෙස අත්අඩංගුවට නොගන්නා ලෙස වර්තමාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙස මහනායක හිමිවරුන්ගෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉල්ලීමක් කර ඇතැයි පසුගිය සතියේ සමාජ මාධ්‍යවල පුළුල් ලෙස හුවමාරු විය. කෙසේවෙතත් පසුගිය ජූලි 01 වනදා මෙලෙස අසත්‍ය ප්‍රචාරයක් ප්‍රචාරය වන බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට ය.