ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතු කළමනාකාර මණ්ඩලයක් යටතේ පාලනය වන මෙම අරමුදලේ ප්‍රතිලාභ ලබා දීමේදී නිසි ක්‍රමවේද අනුගමනය කර නැතැයි ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කර ඇති ඩීඊඑෆ්/සී/ඒඩබ්ඒ/06/22/පීඒ/08 අංකය දරන වාර්තාවේ දැක්වේ. 2020, 2021, 2022 යන වර්ෂවල මෙම අරමුදලෙන් ලබා දුන් ප්‍රතිලාභ මෙම විගණනයට විෂය වී ඇති අතර, එහිදී ඇතැම් ප්‍රතිලාභ ලබා දීම නිසි විනිවිදභාවයකින් තොර ව සිදුව ඇති බවට අනාවරණය වී ඇත.