හිටපු ජනපති රනිල්ගේ විදෙස් සංචාර වියදම් ගැන පරීක්ෂණ: BBC සිංහල තොරතුරු ඉල්ලීමෙන් හෙළි වූ කරුණු

Wait 5 sec.

2022 වසරේ ජූලි 20 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා වසර දෙකකට ආසන්න කාලය තුළ බලයේ සිටි ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ විදෙස් සංචාර 23කට සහභාගී වී ඇති අතර, එක් එක් විදේශ සංචාර පිළිබඳව තොරතුරු පරික්ෂා කිරීම මෙතෙක් අවසන් වී නොමැති බවට තොරතුරු ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරයේ සඳහන් වේ. පසුගිය මැයි 8 වන දින ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ 2022 සිට 2024 දක්වා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස සහභාගී වූ සංචාර සඳහා රුපියල් බිලියනයකට වඩා වැඩි මුදලක් වැය කර ඇති බව ය.