International Masters League ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ඉන්දියා මාස්ටර්ස් කණ්ඩායම හමුවේ ලකුණු හතරක තියුණු පරාජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමට අද(22) සිදු වුණා.නවි මුම්බායිහි DY Patil ක්‍රීඩාංගනයේදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලකුණු 222ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.අම්බටි රයිදු ලකුණු 5කටත්, සචින් තෙන්ඩුල්කාර් ලකුණු 10කටත් දවා ගැනීමට සුරංග ලක්මාල් සමත් වුණා.ගුර්කීරත් සිං පන්දු 32 කින් ලකුණූ 44 ක් රැස් කළ අතර, ස්ටුවට් බිනී ලකුණු 68 ක් ලබා ගත්තේ පන්දු 31 කින් හයේ පහර 7ක් හා හතරේ පහර 3ක් සමගින්.යුෆුස් පතාන් නොදැවී ලකුණු 56(22) ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහර හයක් හා හතරේ පහර 3ක් ඇතුළත්. යුවරාජ් සිං නොදැවී ලකුණු 31(22) යි.ලක්මාල් දවා ගත් කඩුලු දෙකට අමතරව ඉසුරු උදාන හා චතුරංග ද සිල්වා කඩුල්ල බැගින් බිද හෙලුවා.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 218 ක් පමණයි.උපුල් තරංග ලකුණු 10(7) කටත්, ලහිරු තිරිමාන්න ලකුණු 24(17) කටත් දැවී ගියා. වටිනා අර්ධ ශතකයක් වාර්තා කළ නායක කුමාර් සංගක්කාර පන්දු 30 කින් හයේ පහරක් හා හතරේ පහර 8ක් සමග ලබා ගත් ලකුණු සංඛ්‍යාව 51 ක්.චතුරංග ද සිල්වා ලකුණු නොලබා පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, අශාන් ප්‍රියන්ජන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 17(11) ක්. කෙසේ වෙතත් ජීවන් මෙන්ඩිස් පන්දු 17 කින් හයේ පහර හා හතරේ පහර 3 බැගින් එල්ල කරමින් ලකුණු 42 ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට තරගයේ ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු එක් කළා.ඉසුරු උදාන පන්දු 7 කින් වේගවත් ලකුණු 23 ක් රැස් කළේ හයේ පහර හා හතරේ පහර 2 බැගින් එල්ල කරමින්. ඔහු දැවී යන විට ශ්‍රී ලංකාවට පන්දු 7 කින් ජයග්‍රහනය සදහා ලබා ගත යුතුව තිබුණේ ලකුණු 10 ක් පමණයි.කෙසේ වෙතත්, සීක්කුගේ ප්‍රසන්න එක් ලකුණකට දැවී ගිය අතර, අනතුරුව අසේල ගුණරත්න පන්දු 25 කින් ලකුණු 37 ක් ලබා සිටියදී ඉනිමේ අවසන් පන්දුවට පෙර පන්දුවේදී දැවී ගියේ ශ්‍රී ලංකාවේ ජයග්‍රහනයේ බලාපොරොත්තු සුන් කරමින්. අවසන් පන්දු දෙකට තරගය ජය ගැනීමට ලකුණු හයක් අවශ්‍යව තිබූ පසුබිමකයි අසේල දැවී ගියේ. (අවසන් පන්දුවාරයේ දර්ශන පහතින්)පන්දු යැවීමේදී ඉර්ෆාන් පතාන් කඩුලු 3 ක් දවා ගත් අතර, ධවල් කුල්කානී, අභිමන්යූ මිතුන් හා විනයි කුමාර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.pic.twitter.com/cKICC6BQ75— cric sl (@cricslvideo) February 22, 2025