International Masters League ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දී අනර්ඝ අර්ධ ශතකයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාරට අද(22) හැකි වුණා.ඉන්දියා මාස්ටර්ස් කණ්ඩායමට එරෙහිව මෙම තරගය අද රාත්‍රී 7:30 ට ආරම්භ වුණේ Navi Mumbai හි DY Patil ක්‍රීඩාංගනයේදීයි.තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ. ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලකුණු 222ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම වෙනුවෙන් වටිනා අර්ධ ශතකයක් වාර්තා කළ සංගක්කාර පන්දු 30 කින් හයේ පහරක් හා හතරේ පහර 8ක් සමග ලබා ගත් ලකුණු සංඛ්‍යාව 51 ක්.දර්ශන පහතින් නරඹන්න –pic.twitter.com/CGC1w8aqn8— cric sl (@cricslvideo) February 22, 2025