වන අලි දුම්රියේ ගැටීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ (22) කවුඩුල්ල ජාතික වනෝද්‍යාන කාර්යාලයේදී පැවැත්විණි .පසුගියදා ගල් ඔය ප්‍රදේශයේ සිදුවූ අලින් හත්දෙනකු අනතුරට ලක් වූ හදිසි දුම්රිය අනතුර සම්බන්ධයෙන් සහ ඉදිරියේදී එවැනි අනතුරු වලක්වා ගැනීම සඳහා කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.සාකච්ඡාවෙන් අනතුරුව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බැලීම සඳහා ස්ථාන පරීක්‍ෂණය සඳහා අදාළ අනතුර සිදුවූ ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහාද මෙම පිරිස සහභාගි වූහ.The post වන අලි දුම්රියේ ගැටීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් appeared first on Siyatha News.