ගෙවල් කුලී ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් මරුට

Wait 5 sec.

ග්‍රෑන්ඩ්පාස්, කම්බිකොටුව ප්‍රදේශයේදී ඊයේ (26) පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් තිබෙනවා.මරණකරු වයස අවුරුදු 52ක් වූ ග්‍රෑන්ඩ්පාස්, කම්බිකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.ගෙවල් කුලී මුදල් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසු මරණකරු විසින් පිරිමි පුද්ගලයෙකුට හා ඔහුගේ බිරිඳට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කර ඇති බවත්, ඉන් පසු පිරිමි පුද්ගලයා විසින් මරණකරු අත තිබූ තියුණු ආයුධය උදුරා ගෙන මරණකරුට එම තියුණු ආයුධයෙන්ම පහර දී ඇති බවටත් දැනට සිදුකරන ලද විමර්ශණයේදී අනාවරණය වී තිබෙනවා.The post ගෙවල් කුලී ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් මරුට appeared first on Siyatha News.