ආයුධ පෙන්වීමට ගොස් පොලිස් වෙඩි පහරින් මිය යන සැකකරුවන්: 'කිසි ම කෙනෙකුට දඬුවමක් දෙන්න බැහැ අධිකරණයෙන් තොරව'

Wait 5 sec.

'පසුගිය කාලය පුරා ම මෙරට නීතිය පීලි පැන තිබූ බවත් එයට හේතුව පොලිසියේ අත්තනෝමතික ක්‍රියාකලාපය බව ත්' සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුවේ නීතිඥ සේනක පෙරේරා බීබීසි සිංහල සේවයට පැවසීය."මේ රටේ නීතියක් තියෙනවා. සියලු ම දෙනාට ක්‍රියාත්මක කළ යුතු නීතියක් තියෙනවා. අපරාධ නඩු විධි විධාන සංග්‍රහයක් තියෙනවා. ඒ අනුව කිසි ම කෙනෙකුට දඬුවමක් දෙන්න බැහැ අධිකරණයෙන් තොරව. නමුත් පහුගිය කාලය පුරා ම මේ සමාජයේ නීතියේ පාලනය, නීතිය පීලි පැනලා තිබුණේ. ඒවාට හේතු වුණා පොලිසිය හිතුමතේට, අත්තනෝමතිකව මේ ආකාරයෙන් කටයුතු කිරීම," ඔහු සඳහන් කළේ ය.