චමරි වෙනුවට ආදේශක ක්‍රීඩිකාවක් නම් කෙරේ

Wait 5 sec.

UP Warriorz සංචිතය සදහා ඔස්ට්‍රේලියානු මුල් පෙල පිතිකාරිණියක වන Georgia Voll ඇතුළත් කර තිබෙනවා.ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු වෙනුවටයි ඇයව එම සංචිතයට ආදේශ කර ඇත්තේ.චමරි නවසීලන්ත තරග සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික සංචිතය සමග එක්වීමට නියමිතව ඇති බැවින් ඇයට කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරග කිහිපය අහිමි වනවා.ඇය පෙබරවාරි 26 වැනිදා දක්වා පමණක් එම සංචිතය සමග රැදී සිටියා. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව UP Warriorz පිල ඊයේ (26) දිනයේදී තරගයක් ක්‍රීඩා කළ අතර, ඉන් අනතුරුව එම කණ්ඩායම තරගයක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ලබන 3 වැනිදායි.මෙවර තරගාවලියේදී චමරි අතපත්තුට කිසිදු තරගයක් සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් උදා වූයේ ද නැහැ.