අද (11) අලුයම හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ නිවසක නිදාගෙන සිටි පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයෙකු විසින් නිවසේ ජනේල‍යක් බිඳ වෙඩිතබා පළාගොස් ඇත. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර ඇත. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන හිරණ පොලීසිය මගින් මෙහෙයවන බවයි වාර්තා වන්නේ.The post මාලමුල්ලේ වෙඩි තැබිමක්. appeared first on Siyatha News.