රජයේ රැකියාවල නිරත වන බොහෝ පිරිසකට විශ්‍රාම වැටුපක් හිමි වුව ද, පෞද්ගලික අංශයේ හෝ වෘත්තියක නියැලෙන පිරිස්වලට එම වරප්‍රසාදය නොලැබේ. ඊට අමතරව, රාජ්‍ය බැංකු ආදී ක්ෂේත්‍ර කිහිපයක ද විශ්‍රාම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ නැත.එලෙස රැකියාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම් නොමැති පුරවැසියන් සඳහා සමාජ ආරක්ෂණ මණ්ඩලය හරහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක වන බව ඔබ දැන සිටියා ද?