ලාඕස ජනාධිපති, ලාඕස මහජන විප්ලවීය පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් Thongloun Sisoulith චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පක්ෂ පාසල (ජාතික පරිපාලන පාසල) වෙත ගොස් එහි ගුරුවරුන් සහ සිසුන් සමඟ අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. ඒ ඔහුගේ චීන නිල සංචාරය අතරතුරයි.මෙවර සංචාරයේ බෙයිජිංහි පළමු නැවතුම ලෙස, Thongloun Sisoulith ඊයේ (4) සවස එම පාසලට ගියා. 2000 වසරේ Thongloun Sisoulith මාසයක් එම පාසලේ ඉගෙනුම ලබා තිබෙනවා.පක්ෂයේ ඉහළ ම අධ්‍යයන ආයතනය වශයෙන්, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පක්ෂ පාසල, රාජ්‍ය පාලනය හා දේශපාලනය පිළිබඳ අදහස් හුවමාරු කිරීමේ ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වැදගත් වේදිකාවකි. මේ වන විට, ලාඕ සිසුහු 30කට වැඩි පිරිසක් එම පාසලේ ඉගෙනුම ලබනවා.The post ලාඕස ජනපති චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්යම කාරක සභාවේ පක්ෂ පාසලේ සංචාරයකට එක්වෙයි appeared first on Siyatha News.