දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහළ දෙමළ හා ඉංග්රීසි ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට මැයි 24 වන දින පැවැත්වූ තරග විභාගයට අදාළ ප්රතිඵල අද (ඔක්. 14) නිකුත් කිරීම ආරම්භ කර ඇති බව අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යංශ ලේකම් නාලක කළුවැව පවසයි.