නාමල්ගේ ඇප නියෝගය සූදානම් කර ගැනීමට නොහැකි වූ බව මහේස්ත්‍රාත් දැනුම් දෙයි: ජානකී සිරිවර්ධනට නියෝගයක් දෙයි

Wait 5 sec.

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන තවදුරටත් ඔක්තෝබර් 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.ඒ, එම නඩුව අද (ඔක්: 16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ය.