අනෝජන් වෙනුවෙන් සෞදි අරාබිය වෙත ගිය ශ්රී ලංකික නීතිඥ කණ්ඩායමේ සාමාජිකයෙකු වන පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ ෆයිසර් මුස්තාෆා බීබීසී සිංහල වෙත කියා සිටියේ මීට පෙර සෞදි අභියාචනාධිකරණය විසින් නියම කර තිබූ මරණ දඬුවම ශ්රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කර ඇති බවත්, මේ වන විට ඔවුන් එම නඩු තීන්දුව අධ්යයනය කරමින් සිටින බවත් ය.