නේටෝ වාර්ෂික න්‍යෂ්ටික හමුදා අභ්‍යාසය සාමාජික රටවල් 17ක සහභාගිත්වයෙන් ඇරඹෙයි

Wait 5 sec.

න්‍යෂ්ටික අවි භාවිතයට සම්බන්ධ සූදානම සහ හැකියාව පෙන්වීමේ වාර්ෂික හමුදා අභ්‍යාසය සඳහා නේටෝ සංවිධානයේ සාමාජික රටවල් 17ක් ඊයේ (13) ඉතාලියේදී එක් විය. දින 10ක් පුරා පවතින මෙවර හමුදා අභ්‍යාසය, පෙර අභ්‍යාස හා සැසඳිය හැකි පරිමාණයකින් යුක්ත වන බව වාර්තා වේ.නේටෝ සංවිධානයට අනුව, මෙවර හමුදා අභ්‍යාසය කිසිදු නිශ්චිත රටකට එරෙහිව එල්ල කර නොමැති අතර එය වත්මන් ජාත්‍යන්තර තත්ත්වය සමග ද සම්බන්ධ නොවේ. එමෙන්ම මෙම අභ්‍යාසය, සැබෑ න්‍යෂ්ටික යුද අවි භාවිතයකින් තොරව, පුහුණු යුද උපකරණ පමණක් යොදා ගනිමින් සිදු කරනු ඇති බව ඔවුන් දන්වා ඇත.The post නේටෝ වාර්ෂික න්‍යෂ්ටික හමුදා අභ්‍යාසය සාමාජික රටවල් 17ක සහභාගිත්වයෙන් ඇරඹෙයි appeared first on Siyatha News.