යුක්රේන ඩ්‍රෝන යානාවල වේගය සීමා කිරීම පිටුපස ඇමෙරිකානු රජය සිටිය හැකි බව Elon Musk පවසයි

Wait 5 sec.

යුක්රේනයේ ඇතැම් අවි ආයුධවල ගමන් වේගය සහ SpaceX සමාගමේ Starlink අන්තර්ජාල ජාලයට සම්බන්ධව පැවතිය හැකි වේගය සීමා කිරීම පිටුපස ඇමෙරිකානු රජය සිටිය හැකි බව Elon Musk පෙන්වා දී තිබේ. රුසියානු ඉලක්ක වෙත ඩ්‍රෝන යානා මෙහෙයවීමටත්, තම ගුවන් කලාපය ආරක්ෂා කර ගැනීමටත් Starlink ජාලය යුක්රේනයට අත්‍යවශ්‍ය මෙවලමක් වී තිබේ. එහෙත්, පසුගියදා හඳුන්වා දුන් අනපේක්ෂිත නව වේග සීමා හේතුවෙන් යුද මෙහෙයුම්වලට බාධා එල්ල වන බව යුක්රේනය ප්‍රකාශ කළේය.යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyගේ උපදේශකයෙකු පවසා ඇත්තේ මෙම සීමා කිරීම් අහඹු සිදුවීමක් නොවන බව තමන් විශ්වාස කරන බවයි. Kyiv සහ Washington අතර මෑතකදී උද්ගත වූ දේශපාලනික ආතතීන් හා එය සම්බන්ධ විය හැකි බව ද ඔහු සඳහන් කළේය.Starlink ජාලයට අදාළ හමුදාමය සේවාවක් වන Starshield පද්ධතිය ඇමෙරිකානු රජය සතු බවත්, එහි වේගය හෝ භාවිතය සීමා කිරීම පිළිබඳ තීරණ ගනු ලබන්නේ ඇමෙරිකානු හමුදාව සහ අවසානයේ ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් බවත් Elon Musk පැවසීය.යුක්රේන බලධාරීන් Starlink සම්බන්ධතාව යථා තත්ත්වයට පත් කරන ලෙස කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් Musk මේ බව X සමාජ මාධ්‍යයේ සටහන් කර තිබිණ. ඒ අතර, ජනාධිපති Zelensky ද බ්‍රිතාන්‍ය මාධ්‍ය වෙත අදහස් දක්වමින්, මෙය තාක්ෂණික දෝෂයක් හෝ විශාල තාක්ෂණික ගැටලුවක් විය හැකි බවට තමන් බලාපොරොත්තු වන බව පැවසීය. එමෙන්ම, සේවාව නැවත ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළේය.කෙසේ වෙතත්, ඊයේ(14) සවස් වන විට සේවාව අර්ධ වශයෙන් යථා තත්ත්වයට පත් කර තිබූ බව යුක්රේනයේ හිටපු ආරක්ෂක අමාත්‍ය Mykhailo Fedorov පැවසීය.මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු රජය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.The post යුක්රේන ඩ්‍රෝන යානාවල වේගය සීමා කිරීම පිටුපස ඇමෙරිකානු රජය සිටිය හැකි බව Elon Musk පවසයි appeared first on Siyatha News.