මේ දිනවල රට පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩිවීමක් නිරීක්ෂණය වන බව වසංගත රෝග විද්යායතනයේ ප්රධාන වසංගත රෝග විද්යාඥ, විශේෂඥ වෛද්ය පාලිත කරුණාපේම පවසයි.ඉන්ෆ්ලුවෙන්සා යනු, ශ්වසන පද්ධතිය ආශ්රිතව ඇතිවන රෝගී තත්ත්වයක් වන අතර ඉන්ෆ්ලුවෙන්සා වෛරස ඊට හේතු වේ.