"සමහර විට ඇතුළ ඉදිලා නැහැ පිටින් පාට වෙලා විතර යි, රස නෑ. ඕවා පරීක්ෂා කරලා බලනකොට අපිට තේරුණ දේ තමයි පලතුරු එක්රැස් කරන අය, පලතුරු විකුණන අය තොග හා සිල්ලර වශයෙන් ඒ අය පලතුරු ඉදවන ක්රමවේදය වැරදියි," පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් සහ තරගකාරීත්ව ප්රවර්ධන අධ්යක්ෂ සමන්තා කරුණාරත්න පැහැදිලි කළා ය.ඇය පෙන්වා දුන්නේ, කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව, සෞඛ්ය අමාත්යංශය සහ පලතුරු පර්යේෂණ ආයතන ඇතුළු වගකිව යුතු ආයතන මගින් පලතුරු ඉදවීම කළ යුතු ක්රමවේදය පිළිබඳව උපදෙස් දී තිබියදී ඇතැම් වෙළෙඳුන් එම ක්රමවේදය අනුගමනය නොකර අහිතකර ලෙස පලතුරු ඉදවීම සිදුකරන බවට ද හඳුනාගත් බව ය.