ප්‍රචණ්ඩ විරෝධතා හමුවේ පැරිස් ඇතුළු ප්‍රංශ නගර කිහිපයකට රාත්‍රී ඇඳිරි නීතිය

Wait 5 sec.

පැරිස් ඇතුළු නගර රැසක විරෝධතා ප්‍රචණ්ඩකාරී වීමත් සමඟ ආරක්ෂක පියවර දැඩි කර ඇත. ඒ අනුව Paris නගරයේ මධ්‍යම ප්‍රදේශ කිහිපයක සහ තවත් නගර රැසක රාත්‍රී ඇඳිරි නීතිය පනවා තිබේ.Paris පොලිසිය සඳහන් කළේ, සති අන්තයේ විරෝධතාකරුවන් රැස්ව සිටි Place de la République ප්‍රදේශයේ සහ Les Halles සාප්පු සංකීර්ණය ආශ්‍රිත ප්‍රදේශයේ රාත්‍රී 11.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි. මීට අමතරව, නගර මධ්‍යයේ තවත් ප්‍රදේශ කිහිපයක අවසරයකින් තොරව ජනතාව රැස්වීම තහනම් කර තිබේ.දකුණු ප්‍රංශයේ Marseille, Bordeaux, Nice සහ Lyon යන නගරවල මෙන්ම උතුරු ප්‍රංශයේ Lille ඇතුළු තවත් නගරවල ද සීමිත ඇඳිරි නීතිය පනවා ඇත. ඒවා මඟින් ඇතැම් ප්‍රදේශවල තරුණයන්ගේ ගමනාගමනය සහ මහජන රැස්වීම් සීමා කර තිබේ.මීට පෙර ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Laurent Nuñez ප්‍රකාශ කළේ, ඇතැම් නගරවල පොලිසියට තත්ත්වය පාලනය කරගැනීමට නොහැකි වූ බවයි.කලහකාරී තත්ත්වයන්ට මුහුණ දීමට රජය ප්‍රමාණවත් සූදානමක් නොතිබූ බවට විපක්ෂ දේශපාලනඥයන්ගෙන් අමාත්‍යවරයාට දැඩි විවේචන එල්ල වී තිබේ. ඔහු ඉල්ලා අස්විය යුතු බවට ද ඉල්ලීම් ඉදිරිපත් වූ නමුත්, ජනාධිපති Emmanuel Macron එම ඉල්ලා අස්වීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.පසුගිය මාසයේදී පාසල්වල තත්ත්වය වැඩිදියුණු කරන ලෙස ඉල්ලා සිසුන් ආරම්භ කළ විරෝධතා පසුව පුළුල් පරාසයක ගැටලු සම්බන්ධ විරෝධතා බවට පත්ව තිබේ.මෙම සති අන්තයේ පැවති විරෝධතාවලට වෘත්තීය සමිති සහ විවිධ විරෝධතා කණ්ඩායම් එක්වීමත් සමඟ විරෝධතාකරුවන්ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇත. නිලධාරීන් සඳහන් කළේ මේ වන විට පුද්ගලයන් 2,500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.The post ප්‍රචණ්ඩ විරෝධතා හමුවේ පැරිස් ඇතුළු ප්‍රංශ නගර කිහිපයකට රාත්‍රී ඇඳිරි නීතිය appeared first on Siyatha News.