අඟහරු ග්‍රහයාගේ චන්ද්‍රයෙකු වන Phobos වෙත ගමන් කරන අභ්‍යවකාශ යානයක් ජපානයේ සිට ගුවන්ගත කර තිබේ. එහි අරමුණ වන්නේ එම චන්ද්‍රයාගේ දූවිලි සාම්පලයක් ලබාගෙන නැවත පෘථිවියට ගෙන ඒමයි.මෙම මෙහෙයුම සාර්ථක වුවහොත්, අඟහරු ග්‍රහයාගෙන් හෝ එහි චන්ද්‍රයන්ගෙන් සාම්පලයක් පෘථිවියට ගෙනැවිත් මෙහි රසායනාගාර තුළ විශ්ලේෂණය කරන පළමු අවස්ථාව මෙය වනු ඇත.මෙම අභ්‍යවකාශ යානය 2027 අගෝස්තු මාසයේදී Phobos වෙත ළඟා වීමට නියමිතය.ජපාන අභ්‍යවකාශ ඒජන්සිය විසින් මෙහෙයවනු ලබන Mars Moons Exploration (MMX) මෙහෙයුම මඟින් අඟහරුගේ චන්ද්‍රයන් නිර්මාණය වූ ආකාරය පිළිබඳ අභිරහස විසඳීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.The post අඟහරුගේ චන්ද්රයාගෙන් සාම්පල රැගෙන ඒමට ජපානයෙන් ඓතිහාසික අභ්යවකාශ මෙහෙයුමක් appeared first on Siyatha News.