චීන විදුලි මෝටර් රථවලට සීමා පැනවුවහොත් දැඩි ප්‍රතිචාර දක්වන බවට චීනයෙන් බ්‍රිතාන්‍යයට අනතුරු ඇඟවීමක්

Wait 5 sec.

චීන විදුලි මෝටර් රථවලට සීමා පැනවීමට බ්‍රිතාන්‍ය කටයුතු කරන්නේ නම් ඊට දැඩි ප්‍රතිචාර දක්වන බව චීනය පවසයි.මෝටර් රථ කර්මාන්තය තුළ චීනය සතු ප්‍රමුඛත්වයට එරෙහිව අදාළ පාර්ශ්වය සමග එක්ව පියවර ගන්නා බව බ්‍රිතාන්‍යය මෑතකදී ප්‍රකාශ කර තිබේ. චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු ඊයේ (19) මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.බ්‍රිතාන්‍යයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව චීනය සමීප අවධානයෙන් පසුවන බවත්, චීනයේ කර්මාන්තවල නීත්‍යනුකූල අයිතිවාසිකම් හා අවශ්‍යතා ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවත් එම ප්‍රකාශකයා පැවසීය.චීනය සහ බ්‍රිතාන්‍යය අතර මෝටර් රථ කර්මාන්ත සහයෝගිතාව දෙපාර්ශ්වයටම වාසිදායක බව පෙන්වා දුන් ඔහු, චීනය සහ බ්‍රිතාන්‍යය වැදගත් ආර්ථික හා වෙළඳ හවුල්කරුවන් බවත්, ලෝක වෙළෙඳ සංවිධානයේ නීතිරීතිවලට අනුකූලව කටයුතු කරන ලෙස බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටින බවත් වැඩිදුරටත් පැවසීය.The post චීන විදුලි මෝටර් රථවලට සීමා පැනවුවහොත් දැඩි ප්‍රතිචාර දක්වන බවට චීනයෙන් බ්‍රිතාන්‍යයට අනතුරු ඇඟවීමක් appeared first on Siyatha News.