මහනුවර, අකුරණ ප්රදේශයේ වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් අද පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.අකුරණ, කුරුගොඩ හන්දිය ප්රදේශයේ අද (ඔක්: 19) පෙරවරුවේ මෙම අනතුර සිදුවිය.සිමෙන්ති පැටවූ ලොරි රථයක් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වාහන කිහිපයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.