කැනඩාවේ හමුදා කඳවුරක දරුණු ගින්නක් — හමුදා සාමාජිකයන් සිව්දෙනෙකු මරුට

Wait 5 sec.

කැනඩාවේ Alberta ප්‍රාන්තයේ පිහිටි හමුදා කඳවුරක ඇති වූ විශාල ගින්නකින් කැනේඩියානු හමුදා සාමාජිකයන් සිව්දෙනෙකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබේ.ඊයේ (18) Ottawa නගරයේ සිට ජාතිය අමතමින් කැනඩා අග්‍රාමාත්‍ය Mark Carney මෙම සිදුවීම සාමකාමී කාලසීමාවකදී කැනඩා භූමිය තුළ හමුදාවට සිදුවූ දරුණුතම ඛේදවාචකයන්ගෙන් එකක් ලෙස හැඳින්වීය.කැනේඩියානු හමුදාවේ කාර්යබහුල පුහුණු මධ්‍යස්ථානයක් වන Canadian Forces Base Wainwright හිදී සෙනසුරාදා(17) එරට වේලාවෙන් සවස 4.00ට පමණ ගින්න හටගෙන තිබේ. මේ වන විට ගින්න පාලනය කර ඇති නමුත් එයට හේතුව තවමත් පැහැදිලි වී නොමැත. එය ත්‍රස්තවාදී ක්‍රියාකාරකමකට සම්බන්ධ බවට සාක්ෂි නොපෙනෙන බව නිලධාරීහු ප්‍රකාශ කළහ.Alberta ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය Danielle Smith ඉරිදා සවස පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ තුවාල ලැබූ පුද්ගලයන් 39 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි. ඔවුන්ගෙන් 19 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද ඇය පැවසුවාය.The post කැනඩාවේ හමුදා කඳවුරක දරුණු ගින්නක් — හමුදා සාමාජිකයන් සිව්දෙනෙකු මරුට appeared first on Siyatha News.