ගිනි නිවාදැමීමේ මෙහෙයුමකදී හෙලිකොප්ටර් දෙකක් ගැටී දෙදෙනෙකු මරුට

Wait 5 sec.

ග්‍රීසියේ වනාන්තර ගිනි නිවාදැමීමේ මෙහෙයුමක නිරතව සිටි හෙලිකොප්ටර් දෙකක් අහසේදී ගැටීමෙන් කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකු මියගොස් තිබේ.ඩෙන්මාර්ක් ගුවන් නියමුවෙකු සහ ග්‍රීක නිලධාරියෙකු මෙලෙස මිය ගිය බව වාර්තා වේ. අනෙක් හෙලිකොප්ටරයේ සිටි බ්‍රිතාන්‍ය ජාතික ගුවන් නියමුවා දිවි ගලවාගෙන ඇත.ඇතැන්ස් අගනුවරට කිලෝමීටර් 65ක් පමණ බටහිරින් සිදු වූ මෙම අනතුරේ වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ එක් Bell හෙලිකොප්ටරයක් අනෙක් යානයේ ගැටීමෙන් පසු ගිනිගෙන මිටියාවතකට කඩා වැටෙන ආකාරයයි.මෙම සතියේ ග්‍රීසිය පුරා ලැව් ගිනි දැඩි ව ව්‍යාප්ත වී ඇති අතර, ජනතාව විශාල වශයෙන් ඉවත් කිරීමට බලධාරීන්ට සිදුව තිබේ.The post ගිනි නිවාදැමීමේ මෙහෙයුමකදී හෙලිකොප්ටර් දෙකක් ගැටී දෙදෙනෙකු මරුට appeared first on Siyatha News.