නොතීසියක් ලද විට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ හිටපු නාවික හමුදාපති, වසන්ත කරන්නාගොඩට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. මෙම සැකකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති පැමිණිල්ලක් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී සැකකාර යෝෂිත රාජපක්ෂ සහ වසන්ත කරන්නාගොඩ අධිකරණය හමුවේ පෙනී සිටි බවයි වාර්තා වන්නේ. ඉන් අනතුරුව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.The post යෝෂිත රාජපක්ෂ සහ වසන්ත කරන්නාගොඩට මහාධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග appeared first on Siyatha News.