මහවැලි ගඟ, කැළණි ගඟ සහ කළු ගඟ යන ගංඟා දෝණිවල ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් තද වැසි ඇද හැලෙමින් තිබේ. තද වැසි සමග ගංගාවල ජල මට්ටම් ක්ෂණිකව වැඩි වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තෙම්න්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.