28 වන ශැංහයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙල පසුගියදා ශැංහයි නගරයේදී ආරම්භ විය.චීන ජාතික චිත්‍රපට පරිපාලනයේ මගපෙන්වීම යටතේ, චීන මාධ්‍ය සමූහය සහ ශැංහයි නාගරික රජය විසින් ඒකාබද්ධව එම උළෙල සංවිධාන කරන ඇත.මෙවර උළෙලට රටවල් සහ කලාප 125කින් චිත්‍රපට 4100ක් ඉදිරිපත් කර ඇති අතර එය නව වාර්තාවක් නිර්මාණය කර ඇත. චිත්‍රපට උළෙලේ Golden Goblet සම්මාන ප්‍රදානෝත්සවය එළඹෙන 20 වැනිදා පැවැත්වීමට නියමිතය. දින 10ක කාලයක් තුළ සම්මාන තොරා ගැනීම, සාකච්ඡා මණ්ඩපය, විශේෂ තේමා චිත්‍රපට ප්‍රදර්ශන යන ක්‍රියාකාරකම් පැවැත්වනු ඇත. ජාත්‍යන්තර චිත්‍රපට 420කට වැඩි ප්‍රමාණයක් උළෙල අතරතුර තිරගත කිරීමට නියමිතය. අදාළ ක්‍රියාකාරකම් හරහා දෙස් විදෙස් මානව හුවමාරු ශක්තිමත් කරමින් චිත්‍රපට කර්මාන්තයේ සහයෝගිතා පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ.ශැංහයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙල චීනයේ පවතින A ශ්‍රේණියේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලකි. මෙවර උළෙලේ සම්මාන සඳහා නිර්දේශිත ලොව ප්‍රධාන චිත්‍රපට හා වාර්තා චිත්‍රපටවල මංගල දර්ශන මෙම උළෙලට සමගාමීව ශැංහයි හිදී පැවැත්වීම ද විශේෂත්වයකි.The post 28 වන ශැංහයි ජාත්යන්තර චිත්රපට උළෙල ඇරඹේ appeared first on Siyatha News.