ශ්‍රී ලංකාවෙන් සිදු කෙරෙන ආනයන සම්බන්ධ විදේශ මුදල් ගෙවීම් වඩාත් කාර්යක්ෂමව අධීක්ෂණය කිරීම සඳහා රජය නව නියාමන හඳුන්වා දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ නව රෙගුලාසි අනුව, ආනයන ගනුදෙනු සඳහා සිදු කරන සෑම ගෙවීමකටම බැංකු මඟින් විශේෂ ගනුදෙනු අංකයක් ලබා දිය යුතු වේ.