එල්නිනෝව සඳහා ශ්‍රී ලංකාවේ සූදානම කුමක් ද?

Wait 5 sec.

මෙම එල්නිනෝ තත්ත්වයට ශ්‍රී ලංකාව මුහුණ දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ පසුගිය (10 වැනිදා) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.ඊට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, පරිසර අමාත්‍යංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ප්‍රජා ජලසැපයුම් දෙපාර්තමේන්තුව, නාරා ආයතනය වැනි රාජ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ලෝක ආහාර වැඩසටහන, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය වැනි ජාත්‍යන්තර අයතනවල නියෝජිතයෝ ද සහභාගි වූහ.