ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම සලකා බැලීම අද 

Wait 5 sec.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාලව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබෙනවා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලීමට නියමිතයි.පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා කරුණු දැක්වීමට නියමිත අතර වග උත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සූහාරශී හේරත් කරුණු දැක්වීමට නියමිතයි. මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ශානි අබේසේකර ,එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.The post ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම සලකා බැලීම අද  appeared first on Siyatha News.