රජයේ ඉඩම් ආඥා පනතට සහ ඉඩම් සංවර්ධන ආඥා පනතට අදාළ අවලංගු කළ යුතු චක්‍රලේඛ අවලංගු කරමින් නව චක්‍රලේඛ නිකුත් කිරීමට සහ සංශෝධනයට ලක් කළ යුතු චක්‍රලේඛ වර්තමානයට ගැළපෙන ලෙස සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ලබා දීම සඳහා පත් කළ චක්‍රලේඛ සංශෝධන කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණි.