හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩිගේ නඩු විභාගය ඇරඹෙයි

Wait 5 sec.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ විභාගය අද කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වී තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල ඉදිරියේ මෙම නඩුව කැඳවා ඇති අතර එහිදී විත්තිකාර හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට අදාළ චෝදනා විවෘත අධිකරණයේ කියවනු ලැබූ අතර ඊට තමා නිවැරදිකරු බව විත්තිකරු මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.ඉන් අනතුරුවයි නඩු විභාගය ආරම්භ කර ඇත්තේ. 2016 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමණාකරු වශයෙන් කටයුතු කරමින් සිටියදී පොහොර සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමකට වාසියක් සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම තුළින් රජයට රුපියල් 8859708/-ක පාඩුවක් කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසිනුයි හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙන්නේ.The post හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩිගේ නඩු විභාගය ඇරඹෙයි appeared first on Siyatha News.