පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශන සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සම අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු පෞද්ගලික හේතූන් මත නඩු විභාගයෙන් ඉවත් වී තිබෙනවා. පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටි අතර, වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් සුහර්ෂි හේරත් සඳහන් කළේ අදාළ ලේඛන අද පෙරවරුවේ ලැබුණු බැවින් වග උත්තරකරුවන්ගෙන් මෙතෙක් උපදෙස් ලැබී නොමැති බවටයි. එමෙන්ම උපදෙස් ලබාගැනීමකින් තොරව පෙත්සම්කරු අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක් දිය නොහැකි බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය දැනුම් දුන්නේ, ඒ අනුව පෙත්සම සලකා බැලීම අද දහවල් දක්වා කල් තැබීමට අධිකරණය නියම කර තිබෙනවා.The post ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම අධිකරණය හමුවේ කැඳවයි appeared first on Siyatha News.