ඇමරිකාව සහ ඉරානය අතර කරුණු 14කින් සමන්විත කෙටුම්පත් සංදේශයක් බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති මගින් අද(17) නිකුත් කර තිබේ. ඊට අදාළ අවබෝධතා ගිවිසුම නිල වශයෙන් දෙපාර්ශ්වය විසින් එළඹෙන 19 වැනිදා ස්විට්සර්ලන්තයේ දී අත්සන් තැබීමට නියමිතය.මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු, ඉරානය සහ ඇමරිකාව වත්මන් යුද්ධයට අදාළ පාර්ශ්වයන් සමග එක්ව ලෙබනනය ඇතුළු සියලු යුද පෙරමුණු සඳහා ක්ෂණික මෙන්ම ස්ථිර අවසානයක් ප්‍රකාශ කරනු ඇත. එතැන් සිට එකිනෙකාට එරෙහිව කිසිඳු සතුරු ක්‍රියාමාර්ගයක් දියත් නොකිරීමට එකඟ වන බව කෙටුම්පතේ සඳහන් වේ.ඉරානය සහ ඇමරිකාව එකිනෙකාගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කිරීමට මෙන්ම එකිනෙකාගේ අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීමෙන් වැළකී සිටීමට එකඟ වන බව එහි සඳහන්ය.එම කෙටුම්පතට අනුව ඉරානය සහ ඇමරිකාව අන්‍යෝන්‍ය එකඟතාවයෙන් දීර්ඝ කළ හැකි උපරිම දින 60ක කාලයක් තුළ සාකච්ඡා කර, අවසන් ගිවිසුමට එළඹීමට එකඟ වී තිබේ.මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කළ වහාම ඇමරිකාව නාවික අවහිරය ඉවත් කොට උපරිම දින 30ක් ඇතුළත එහි ගමනාගමනය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්කෙරෙනු ඇත. අවසන් ගිවිසුමෙන් පසු දින 30ක් ඇතුළත අවට ප්‍රදේශවලින් තම හමුදා ඉවත් කර ගැනීමට ඇමරිකාව එකඟ වන බව ද එහි සඳහන්ය.කෙසේ වෙතත්, මෙම අන්තර්ගතය ඇමරිකාව සහ ඉරානය විසින් තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැත.The post ඇමරිකා – ඉරාන කරුණු 14කින් යුත් සංදේශය ගැන මාධ්යයෙන් අනාවරණයක් appeared first on Siyatha News.