පාසල් විද්‍යාගාරයක සිදු වූ අනතුරකින් දැඩි පිළිස්සුම් තුවාල ලැබූ දැරිය: 'දුව මගෙන් ඇහුවා මගේ මූණ හැමදා ම මෙහෙම ද තියෙන්නේ කියලා'

Wait 5 sec.

බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දැරියක පසුගිය මාර්තු 23 දින පාසලේ විද්‍යාගාරයේ සිදු වූ අනතුරකින් "දැඩි පිළිස්සුම් තුවාල" ලබා තිබුණා ය. මෙම අනතුරින් දැරියගේ මුහුණට, වම් අතට සහ දකුණු අතට පිළිස්සුම් තුවාල සිදුව තිබිණි.