පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමට අදාළව එහි වග උත්තරකරුවන්ගෙන් තමන්ට මෙතෙක් උපදෙස් ලැබී නොමැති බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.