වයස අවුරුදු 11න් පහළ ලෝක මේස පන්දු ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය හිමිකරගෙන සිටින ශ්‍රී ලංකාවේ තාවි සමරවීර , ජාත්‍යන්තර තරඟාවලි ද්විත්වයකදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගනිමින් සිය යුරෝපා තරඟ සංචාරය නිමා කර අද (18) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.