ඇමරිකාව සහ ඉරානය අතර යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් අවබෝධතා ගිවිසුමේ විද්‍යුත් අත්සන් තැබීම සිදු කළ බව ඇමරිකානු මාධ්‍ය ඊයේ(15) වාර්තා කර ඇත.එම වාර්තාවල දැක්වෙන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති JD Vance සහ ඉරාන කථානායක Mohammad Bagher Ghalibaf විසින් ඊට අත්සන් තබා ‍ඇති බවයි.ඉදිරි පැය 24 සිට 48 දක්වා කාලය ඇතුළත එම සන්දේශය ප්‍රසිද්ධ කිරීමට අපේක්ෂිත බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේය.මෙම ගිවිසුමට අදාළ සන්දේශය ජුනි 19 වැනි දින ස්විට්සර්ලන්තයේ දී විධිමත් ලෙස අත්සන් තැබීමට නියමිතය.Truth Social හි සටහනක් තබමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳුසා උදෑසන ප්‍රකාශ කළේ තෙල් පැටවූ නැව් හෝමූස් සමුද්‍ර සන්ධියෙන් පිටත්ව යාම ආරම්භ කළ බවයි.පසුගිය පෙබරවාරි 28 වැනි දින ඇමරිකාව ඉරානයට එරෙහිව දැවැන්ත ප්‍රහාර දියත් කළ අතර එවකට ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි එහි දී ජීවිතක්ෂයට පත් විය. එමෙන්ම මැදපෙරදිග පැවති ආරක්ෂක තත්ත්වය ද කලාපීය ගැටුමක් දක්වා පරිවර්ථනය කෙරිණ. එතැන් සිට එම ගැටුම දහස් ගණනක් ජීවිත බිලිගෙන ඇති අතර ගෝලීය බලශක්ති වෙළඳපොළ කඩාකප්පල් කිරීමට ද හේතු විය.The post යුද්ධය අවසන් කිරීම සඳහා ඇමරිකාව සහ ඉරානය අතර විද්යුත් මාර්ග ඔස්සේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි appeared first on Siyatha News.