ඊයේ (18) දින උදෑසන දඹගල්ල පොලිස් වසමේ ගල්පොල්ලන්ද රක්ෂිත ප්‍රදේශයේදී දඹගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් 07 දෙනෙකු කැණීම් උපකරණද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අවුරුදු 21 ත් 61 ත් අතර වයස්වල පසුවන දඹගල්ල, මරදන්කඩවල, ග්‍රෑන්ඩ්පාස්, මාතර හා මීගලෑව ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි වාර්තා වන්නේ. දඹගල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරන බවට වැඩිදුරටත් සඳහන්.The post පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට appeared first on Siyatha News.