කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (13) උදෑසන 6.30ට නිකුත් කර ඇති අවවාදාත්මක නිවේදනයක බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳව අනතුරු අඟවා තිබේ.බස්නාහිර, සබරගමුව පළාත්වලට සහ පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මි.මී. 200 ඉක්මවූ ඉතා තද වැසි ඇති විය හැකි බවට එම නිවේදනයේ සඳහන් වේ.