විභාග පිළිතුරු පත්‍ර RTI ඉල්ලීමකින් ලබා ගත හැකි බවට අභියාචනාධිකරණය දුන් තීන්දුව සුවිශේෂී වන්නේ ඇයි?

Wait 5 sec.

බීබීසී සිංහල විසින් කළ නිරීක්ෂණයකදී ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, X, රෙඩිට් වැනි සමාජ මාධ්‍ය ගණනාවක ම මෙම පුවත සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු අදහස් දක්වා ඇති ආකාරය නිරීක්ෂණය වූ අතර, මෙය විභාග ප්‍රතිඵලවල විනිවිදභාවය සම්බන්ධයෙන් හොඳ පියවරක් ලෙස බොහෝ දෙනෙකු අගය කර තිබිණි. එලෙස අදහස් දක්වා තිබූ බොහෝ දෙනෙකු ඔවුන්ගේ පුද්ගලික අත්දැකීම් ද හුවමාරු කරගෙන තිබිණි.