මීදුමෙන් වැසුණු කඳු පන්ති මැද සොබාදහමේ සුන්දරත්වයෙන් අනූනව පැවති කොත්මලේ පනංගම්මන ගම්මානය, අද හුදෙකලා වු ප්රදේශයක් බවට පත්ව තිබේ. පසුගිය වසරේ නොවැම්බර් 27 වැනි දා දිවයිනට බලපෑ 'දිට්වා' සුළි කුණාටුවත් සමඟ ඇදහැළුණු මහා වර්ෂාව, කොත්මලේ - මාවෙල ප්රධාන මාර්ගය පනංගම්මන ප්රදේශයෙන් දැඩි නායයෑමකට ලක්වී තිබේ. එදා සිට අද දක්වා ගෙවී ගිය වසරක කාලය පුරා, එම මාර්ගයේ රථවාහන ධාවනය ඇනහිටීම නිසා පනංගම්මන ඇතුළු අවට ගම්මාන රැසක මිනිසුන්ගේ එදිනෙදා කටයුතුවලට බාධා එල්ල වී තිබේ.