ගාසා තීරයේ සැබෑ හා තිරසර සටන් විරාමයක් සාක්ෂාත් කර ගන්නා ලෙස චීනය ඉල්ලයි

Wait 5 sec.

ගාසා තීරයේ සැබෑ හා තිරසර සටන් විරාමයක් සාක්ෂාත් කර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා ඉල්ලා සිටී.පලස්තීන-ඊශ්‍රායල ගැටලු සම්බන්ධයෙන් ඊයේ (29) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ පැවති සාකච්ඡාවක් අතරතුරදී හෙතෙම මේ බව පැවසීය.සටන් විරාම ගිවිසුම සම්පූර්ණයෙන් අනුගමනය කොට ගාසා තීරයේ සැබෑ හා තිරසර සටන් විරාමයක් සාක්ෂාත් කරගන්නා ලෙස චීනය, ඊශ්‍රායලය ඇතුළු අදාළ විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරන බව Fu Cong මහතා එහිදී පැවසීය.මේ වන විට ගාසා තීරයේ බලය තමන් සතු කරගෙන සිටින පාර්ශ්වය ලෙස ඊශ්‍රායලය තම ජාත්‍යන්තර මානුෂීය බැඳීම් ඉටු කළ යුතුය. මානුෂීය ආධාර ප්‍රවේශය සඳහා ඇති සීමාවන් ඉවත් කොට ආසන්න පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සිය (UNRWA) වැනි මානුෂීය ආයතන සඳහා ආධාර බෙදා හැරීමට සහාය වීම සහතික කළ යුතු බව ද Fu Cong මහතා මෙහිදී අවධාරණය කළේය. එමෙන්ම ඊශ්‍රායලය ජනාවාස ඇති කිරීමේ කටයුතු වහාම නතර කර පදිංචිකරුවන්ගේ ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්විය යුතු බව චීනයේ අදහස බවත් හෙතෙම සඳහන් කළේය.තවද, පලස්තීන ජනතාවගේ යහපැවැත්මට සහ මැදපෙරදිග සාමය හා ස්ථාවරත්වයට ප්‍රමුඛත්වය දෙන ලෙසත්, පලස්තීන ගැටලුවට කඩිනම්, පුළුල්, යුක්තිසහගත සහ තිරසර විසඳුමක් ඒකාබද්ධව ප්‍රවර්ධනය කරන ලෙසත් චීනය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ද Fu Cong මහතා වැඩිදුරටත් කියා සිටියේය.The post ගාසා තීරයේ සැබෑ හා තිරසර සටන් විරාමයක් සාක්ෂාත් කර ගන්නා ලෙස චීනය ඉල්ලයි appeared first on Siyatha News.