ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) ඊයෙ (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇති අතර, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් (නව මිල රු. 414) සහ ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් (නව මිල රු. 382) පහළ දමා තිබෙනවා. ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් වෙනස් වී නොමැති අතර, මෙම මිල සංශෝධනයට සමගාමීව ලංකා IOC සහ සයිනොපෙක් (Sinopec) සමාගම් ද සිය ඔක්ටේන් 92 සහ ඔටෝ ඩීසල් මිල ගණන් මේ ආකාරයෙන්ම අඩු කර ඇති බවටයි වාර්තා වන්නේ.The post ඩීසල් සහ පෙට්රල් මිල පහළට appeared first on Siyatha News.