2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතට අනුව අදාළ සියලුම නිලධාරීන් ඔන්ලයින් (Online) ක්‍රමයට වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ නිල කාලය අද (30) දිනයෙන් අවසන් වීමට නියමිතයි. අදින් පසු ප්‍රකාශ ලබා නොදෙන පිරිස් වෙතින් දඩ මුදලක් අයකිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබුණද, එකවර විශාල පිරිසක් වෙබ් අඩවියට පිවිසීම නිසා එහි තාක්ෂණික අවහිරතාවක් මතු වී ඇති හෙයින් අද දින තුළ ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නොහැකි වන නිලධාරීන් වෙනුවෙන් ජූලි මස 7 වන දින රාත්‍රී 12 දක්වා සතියක සහන කාලයක් ලබාදීමට කොමිෂන් සභාව පියවර ගෙන තිබෙන බවටයි වාර්තා වන්නේ.The post වත්කම් බැරකම් ප්රකාශ ඉදිරිපත් කිරීමට ඇති කාලය අදින් අවසන් appeared first on Siyatha News.