මෙහි අර්ථය වන්නේ කුමක් ද? එනම් ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල සාමාන්‍ය ආදායම ගෝලීය සීමාව ඉක්මවා ගොස් ඇති බව ය. එය රටේ නූතන ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව, රට සැලකිය යුතු මට්ටමකින් ආර්ථික වශයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවට නිල වශයෙන් පිළිගැනීමකි. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ ප්‍රශ්න කරන්නේ, අංකවලින් ශ්‍රී ලංකාව ඉහළ-මධ්‍යම ආදායම්ලාභී රටක් දක්වා ඉහළ ගිය බවට ප්‍රකාශ වුවත් එහි අර්ථයක් තිබේ ද? යන්න පිළිබඳව ගැටලුවක් පවතින බව ය.