Xi Jinping: The Governance of China 5වන වෙළුම තුර්කියට

Wait 5 sec.

“Xi Jinping: The Governance of China”කෘතියේ 5වන වෙළුම ප්‍රවර්ධනය කිරීමේ උත්සවයක් තුර්කියේදී පැවැත්විණ.නව යුගයක් සඳහා චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ චින්තනයේ නවතම න්‍යායාත්මක සහ ප්‍රායෝගික ජයග්‍රහණ පුළුල් ව, ක්‍රමවත් ව ඉදිරිපත් කිරීමෙහිලා මෙම ග්‍රන්ථය ඉවහල් වන බව රැස්ව සිටි පිරිස සඳහන් කළහ.චීනය නවීකරණය කරා ගිය ගමනේ න්‍යාය සහ භාවිතය මෙම කෘතියෙහි මැනවින් ඉදිරිපත් කර ඇත. හවුල් අනාගතයක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සම්බන්ධයෙන් චීනයේ දැක්ම සහ යෝජනා ද ගැඹුරින් මෙහි විග්‍රහ කර ඇති බව මීට එක්වූවෝ පැවසූහ.මෙම උත්සවය චීනය සහ තුර්කිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 55ක් සපිරීම සනිටුහන් කරමින් පැවැත්විණ. උත්සවයට පැමිණි ආරාධිතයන් සඳහන් කළේ, නවීකරණය තේමාව කරගත් රාජ්‍ය පාලන අත්දැකීම් හුවමාරුව දෙරට අතර දේශපාලනික  විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, සංවර්ධන උපායමාර්ග අතර ගැළපීම ප්‍රවර්ධනය කිරීමටත්, නවීකරණ මාවත ඔස්සේ එක්ව ඉදිරියට යාමටත් පිටිවහලක් වන බවය.“Xi Jinping: The Governance of China”කෘතියේ 5වන වෙළුම චීනයේ ප්‍රතිපත්ති, දිශානතිය සහ ගෝලීය ගැටලු සම්බන්ධයෙන් වන උපායමාර්ගික චින්තනය අවබෝධ කර ගැනීම සඳහා පරිශීලනය කළ හැකි ග්‍රන්ථයක් බව උත්සවය අමතමින් තුර්කි ජාතික මහා සභාවේ නියෝජ්‍ය කථානායක Celal Adan මහතා සඳහන් කළේය.The post Xi Jinping: The Governance of China 5වන වෙළුම තුර්කියට appeared first on Siyatha News.